සිතුවිලි අතර
මට දැනෙන දේ. මගෙ සිනහවන්, කඳුළු විතරක්මත් නෙමෙයි...විවිධ විවිධ බැඳීම් ගැන මගෙ හිතට එබෙන අදහස්. මං ආදරේ මිනිස්සු ගැන, ඔවුන්ගේ ජීවිත ගැන වගේම ඔවුන්ගේ දුක,සතුට හා අත්දැකීම් මගේ කරන් මගේ පන්හිඳ කතා කරන හඬ...ඇහෙනවද?...
Saturday, March 24, 2012
නමක් නැති කතාවක්...
මගේ වුණු කෙල්ල මට වඩා උඹට ආදරේ වුණු එකට මං කවදාවත් ඊරිසියා කළේ නෑ.මට දුක හිතුණා විතරයි.මොකද උඹට හීනෙන්වත් හිතන්න බැරි තරම් ආදරයක් මේ පපුව ඇතුළේ තවමත පණ ගැහෙනවා මල්ලි.
උඹ "මගෙ ඇස් දෙක"වගේ වුණු ඒ කෙල්ල සතුටින් පිරෙව්වා නම්, මං උඹට සමාව දෙනවා.අහිතක් නෑ මගේ එහෙනම්.
උඹ ආදරේ නැති, තැකීමක් නැති, මගෙ පණටත් වඩා මං ආදරේ,ඒ වුණත් මට වඩා උඹට ආදරේ කෙල්ලගෙ අහිංසක හිත උඹ රිද්දන එක, රිද්දුව එකට මගෙන් උඹට සමාවක් නැති බව ඇත්ත.මගෙ බොහොම සීමිත ඉවසීම් සීමා වපසරියෙන් ඔබ්බට උඹ ගිහින් දැන් ගොඩක් කල්...
උඹ දැන් දන්නවට වඩා, උඹේ ජීවිතේ උඹ ඉගෙන්න ගන්නට යෙදෙනවට වඩා ආදරේ කියන දේ බොහොමත් ම උතුම් නිසා විතරක් උඹට ඔය ඉන්න විදියට මම ඉන්න දීලා බලන් ඉන්නෙ මං කරන කිසි දෙයකින් මගේ වුණු ඒ කෙල්ලට සතුටක් නොලැබෙන නිසා විතරයි.මේ ලෝකෙ ඕනෑම තැනක හිස තියලා මං දිවුරන්නම්, නැත්නම් මං උඹලා දෙන්නව එක් කරනවා.
රිදන්න මගෙ ඇස් දෙක ළඟට ගත්තනම්,සනසන්න බැයි නම් චුත වෙයන් තව්තිසාවට බැයි නම් යම ලෝකෙට...කඳු දෙන්නැතුව පරිස්සම් කරපන්....මහ ගොඩක් හයිය මගෙ කෙල්ල, ආදරේ වෙනුවෙන්වත් වෙන කිසිම දෙයක් වෙනුවෙන්වත් සුසුමක් හෙළනවට මං වයිරයි...
Friday, March 23, 2012
ගැහැණිය සහ කාන්තා දිනය
ඇය සෞම්‍යයි, සන්සුන්, ශක්තිමත්...
මහ ගොඩක් සෙනෙහෙබර ඇය කාරුණිකයි...
මුළු ලොවම වඩාත් සුන්දර කළ ඇය ගැහැණියක්...
වසන්තයක හිරු එළියත්
මහා කඳු පෙළක හැංඟුණු ශක්තියත්
ලිහිණියකගේ ලාලිත්‍යයත්
එක්ව කැටි කොට බිහි වුණු
ස්ත්‍රීත්වය නම් පුදුමාකාර “ආශිර්වාදයෙන්” පිඳුම් ලත්
නුඹේ සහ මගේ
දයාබර අම්මාට, සොයුරියට, සෙනෙහෙබර බිරිඳට
මේ දිනය විතරක් නෙමෙයි
ජීවිතේ ගත වුණු,
ගත වෙන්නට තිබෙන සෑම දිනෙකම
ආදරය සහ ගෞරවය නොඅඩුව තිබෙන බව
කියන්නට විතරයි මේ වෑයම...
සිහින මියගිය දා
ඉර හද තාරුකා පවා
දුක් වෙමින් විමසන
රිදවමින් ඉකිලන
විඳවමින් පිච්චෙන
අසම්මත මහ විසල් පෙම ගැන
වගක් නැතිවද ළඳුනි සුන්දර....
මගෙ සිහින මළගම් යන දිනෙක
ගැහෙන්නට හදවතට තව වාරුවක් නැත
රැයේ එළිවෙන ජාමයක මියයන
මා බලන්නට එනු මැනවි රන් කඳ...
නුඹ මගෙන් දුර ගිය දා
ඔහුට නුඹ හිමි වෙනදා
මා බලන්නට එනු මැන
දුක් වෙමින් විමසන
රිදවමින් ඉකිලන
විඳවමින් පිච්චෙන
අසම්මත මහ විසල් පෙම ගැන
වගක් නැතිවද ළඳුනි සුන්දර....
මගෙ සිහින මළගම් යන දිනෙක
ගැහෙන්නට හදවතට තව වාරුවක් නැත
රැයේ එළිවෙන ජාමයක මියයන
මා බලන්නට එනු මැනවි රන් කඳ...
නුඹ මගෙන් දුර ගිය දා
ඔහුට නුඹ හිමි වෙනදා
මා බලන්නට එනු මැන
Subscribe to:
Posts (Atom)


